රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා හෙරොයින් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා උගන්ඩා ජාතික 43 හැවිරිදි කාන්තාවක අද (08දා) කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ධර්මසේන කහඳව මහතා පැවසීය.
සැකකාර කාන්තාව උගන්ඩාවේ සිට ඩුබායි හරහා පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 505ක් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපළ රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.