පානදුර ප්රදේශයේ රන් ආභරණ හලකට ගොස් රුපියල් එක් ලක්ෂ 18 දහසක් විටිනා වළලු දෙකක් සොරාගත් කාන්තාවක් ඇතුළු තිදෙනකු සොයා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර බව වාර්තා වේ. රන් ආභරණ හලේ සවිකර තිබූ සී.ටි.සී. කැමරාවල එම සොරකම සටහන් වී ඇති අතර රන්ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි මොවුන් ඉතා සුළු වේලාවකින් ඉන් පිටතට යන අයුරුත් වළලු දෙක සොරාගන්නා අයුරුත් එහි සටහන් වී ඇත.