රුපියල් 320 ක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා හෙට (20දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය මස 20 වැනිදා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී අදාළ වැටුප් වැඩිකිරීම මේ මස 20 ට පෙර සිදුකරන බවට පොරොන්දුවූ බවද එම සංගමය සඳහන් කරයි.
එහෙත් එම පොරොන්දුව කඩ කර තිබෙන බවත්, මේ නිසා හෙට මධ්‍යම රාත්‍රී 12.00 අඛණ්ඩ දුම්රිය වැඩවර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.
මෙම වර්ජනයට දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක, පාලකවරුන්, රියදුරෝ සහභාගි වෙති.