රුපියල කඩාවැටීම ජිවන වියදම ඉහළ යෑමට ප්‍රබල බලපෑමක් ඇති කරමින් පවතින බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පොදු මහජනතාව පරිහරණය කරන ඉන්ධන, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක මිල තීරණය වන්නේ රුපියලේ වටිනාකම අනුව බවයි.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම රටට බලපාන අකාරය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“ඩොලරයක් රුපියල් 159 ද ඉක්මවමින් අවප්‍රමාණය වී ඇත්තේ ජාතික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමිනි. මෙලෙස රුපියල අවප්‍රමාණය වීම අපනයන ආර්ථිකයේ වර්ධනයට හේතුවන බව ඇතැම් පාර්ශ්වයන්ගේ මතය වී තිබෙනවා. කෙසේවෙතත් සමාජය තුළ පෙනෙන යථාර්ථය වන්නේ මෙරටට ගෙන්වන ඉන්ධන, ගෑස් හා කිරිපිටි ඇතුළු බොහෝ භාණ්ඩවල මිල ඉහළයෑමට රුපියල කඩාවැටීම හේතුවන බවයි.
අපනයනය ශක්තිමත් කිරීම රුපියල අවප්‍රමාණය කිරීමෙන් පමණක් කළ නොහැකියි. ඒ සඳහා අපනයනයට හිතකර පරිසරයක් රටතුළ නිර්මාණය කළ යුතුයි. රජයක් ලෙස සාමාන්‍ය මහජනතාවගේ සංවේදීතාව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමේ අවස්ථාව එළඹ තිබෙනවා"