මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෝ හය දෙනෙක් ඊයේ (03දා) බන්ධනාගාරයේ වහලය මතට නැගී තමන් නිදහස් කරන ලෙස ඉල්ලා උපවාසයක නිරත වෙති.
මේ පිළිබඳව බෝගම්බර බන්ධානාගාර අධිකාරී තිස්ස ජයසිංහ මහතාගෙන් කළ විමසීමේදී පැවසුවේ, රැඳවියන් 06 දෙනා දීර්ඝකාලීන සහ මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයන් බවත්, තමන්ට නිදහස් කිරීමට කිසිම බලතලයක් නොමැති බවත්ය.
එමෙන්ම රුඳවියන් 06 දෙනා පහළට ගැනීමට උත්සාහ දරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.