ශ්‍රී ලංකා ජාතික රුධිර පාරවිලයන සේවයෙන් රුධිර ප්ලාස්මා මිලදී ගැනීමටත් අතිරේක ප්ලාස්මා ප්‍රමාණය %ප්ලාස්මා ප්‍රෝටීන^ නිෂ්පාදනය කිරීම සඳහා ලබාදීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ලංකාවේ ජාතික රුධිර පාරවිලයන සේවාව මගින් සෑම වසරකම ප්ලාස්මා ලීටර 100,000 පමණ පරිත්‍යාගශීලීන්ගෙන් එකතු කරනු ලබන අතර, සංඝටක වෙන්කර ගැනීමෙන් පසුව ඉන් ඒකක 60,000 ක් පමණ සායනික භාවිතය සඳහා ප්‍ර‘යෝජනයට ගනු ලබයි.
සංඝටක වැඩි ප්‍රමාණයක් වෙන්කර ගැනීමට පහසුකම් නොමැති බැවින් දැනට ඉවත දමනු ලබන ප්ලාස්මා ප්‍රමාණය ලීටර 40,000 කි. නමුත් මෙම ප්‍රමාණය ප්ලාස්මා ප්‍රෝටීන් නිෂ්පාදන කිරීම සඳහා තාක්ෂණය හිමි සමාගම්වලට ලබාදීමේ හැකියාව පවතින බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව අවශ්‍ය සියලුම ප්ලාස්මා ප්‍රෝටීන අවශ්‍යතාව වෙනුවෙන් විදේශීය සමාගම් වෙත දරන පිරිවැය අවම කිරීමටද හැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් මණ්ඩලයට කරුණු දක්වා තිබේ. ඒ අනුව කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළැඹ තිබේ.