ශ්‍රී ලංකාව අන්තර්ජාතික අපරාධ අධිකරණයට පැමිණිවිය යුතු බව අන්තර්වාර දමිල ඊළාම් රාජ්‍යයේ අගාමාත්‍යවරයා ලෙස තමන්ව හඳුන්වා ගන්නා විසුවනාතන් රුද්රකුමාරන් සඳහන් කරයි.
මානව හිමිකම් පිළිබඳව පවතින ගැටලුකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව මෙසේ අධිකරණය හමුවට ගෙන ආ යුතු බව ඔහු සඳහන් කරන බව හින්දු පුවත් සේවය කියයි.
ඇමෙරිකාවේ සිට වීඩියෝ මගින් මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව පවසා ඇතැයිද හින්දු පුවත් සේවය සඳහන් කරයි. එසේම ශ්‍රී ලංකාව අපරාධ අධිකරණය වෙත පැමිණවීම සඳහා භාෂා 15කින් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක්ද ඔහු විසින් ආරම්භකර තිබේ.