කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මාර්ගයේ තණකොළ කපමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂට පත්ව ඇතැයි පොලීසිය. කියයි. අද (21දා) දහවල් මෙම අනතුර සිදුව ඇත.
අධිවේගී මාර්ගයේ 15.4 මීටර් කණුව අසළදී මෝටර් රථයක ගමන් කරමින් සිටි රියදුරට නින්ද යෑම හේතුවෙන් රථය පාලනය කර ගැනීමට නොහැකිව වම්පසව ධාවනය වී ඇත.
මාර්ගයේ වම්පස තණකොළ කපමින් සිටි කම්කරුවන් දෙදෙනෙකුගේ මෝටර් රථය ගැටී ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ කම්කරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
ජා ඇල පදිංචි අවුරුදු 41ක හා 55ක පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.