රියදුරුගේ නින්ද තිදෙනෙනකුට මරු කැඳවයි
- 10 10 2017
- 10:25
- {{hitsCtrl.values.hits}} views
- . .
තෙල්දෙණිය, ගෝනවල ප්රදේශයේදී මහියංගනය සිට මහනුවරට ධාවනය වූ මෝටර් රථයක් එහි රියදුරට නින්ද යාමෙන් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.
එහිදී මෝටර් රථය යතුරු පැදියකද ගැටී ඇති මාර්ගයේ ගමන් කරමින් තිබූ කාන්තාවන් දෙදෙනකුද යටකර තාප්පයක ගැටී තිබේ.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා කාන්තාවන් දෙදෙනා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත. අද (10දා) පෙරවරුවේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මෝටර් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කාන්තාවක්ද තුවාල ලබා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

