යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ කිලිනොච්චිය කොකාවිල් මන්සන්ධියේදී අද (02දා) උදෑසන සුඛෝපභෝගී බස්රථයක් අනතුරට ලක් වීමෙන් එක් අයෙකු මිය ගොස් 20 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට කිලිනොච්චිය හා මාන්කුලම් පොලීසිය කියා සිටියේය.
බස්රිය මාර්ගයේ ලොරියක වැදීම හේතුවෙන් බස් රථය පෙරලී ගොස් මෙම අනතුර සිදුව ඇත.
බස් රථය පෙරලෙන අවස්ථාවේදී බස් රථයේ 35 දෙනෙකු ගමන් කොට ඇති අතර 14 දෙනෙකු සුලු තුවාල ලබා තිබේ.
අනතුරට හේතුව බස් රථයේ රියදුරුට නින්ද යාම බව පරීක්ෂණ සිදුකරන මාන්කුලම් පොලීසිය කියයි.