2014.06.30 දින සිට 2015.06.30 දින දක්වා වූ වර්ෂයක කාලය තුළ සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව 36,046 ක් බවත් එමගින් සිදු වූ මරණ සංඛ්‍යාව 2776 ක් බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රිය අනතුරු සහ එමගින් සිදුවන මරණ වළක්වා ගැනීම පිණිස ඉදිරි වර්ෂයේදී රථවාහන නීතිය තදින්ම ක්‍රියාත්මක කරන අතර, ඒ සම්බන්ධයෙන් මනා පුහුණුවක් පොලීසියට ලබාදීමට කටයුතු කරන බවත් සාගල රත්නායක අමාත්‍යවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (14දා) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කීය.