රිය අනතුරු 4කින් 4ක් මරුට
- 21 11 2016
- 10:35
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
දිවයිනේ ස්ථාන හතරකදී ඊයේ (20දා) සිදුවූ අනතුරු හතරකින් පුද්ගලයන් සිවුදෙනෙකු මියගොස් තිබේ. වැල්ලවාය - තණමල්විල මාර්ගයේ, ගාල්ල වංගුව අසලදී කැබ් රඨයක් හා බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කැබ් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇත.
බිබිල - මොනරාගල මාර්ගයේ මැදගමදී පදිකයෙකුගේ ඇඟේ වෑන් රථයක් ගැටීමෙන් එම පදිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ. තිස්සමහාරාමය - තණමල්විල මාර්ගයේ බෝගහවැව ප්රදේශයේදී බස් රථයක ගැටුණු පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පුනරින් - යාපනය මාර්ගයේ පරමන්කිරායි ප්රදේශයේදී යතුරු පැදිකයක් යතුරු පැදිකරුට පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට විසිවීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
