පන්නල - මා ඔය මාර්ගයේදී ඊයේ (05දා) අලුයම නවතා තිබූ කන්ටේනර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඇතැයි පන්නල පොලීසිය කියයි.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ දිවුලපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් ආර්.ඩබ්. අනිල් ශාන්ත නමැති 46 හැවිරිදි පන්නල - ඇලබඩගම ප්රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
ඔහු එදින සේවා මුරය අවසන්වී නැවත නිවෙස බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
පන්නල - හේමා රාජපක්ෂ