අවයව බද්ධ කිරීමේ සැත්කම් මෙරට සාර්ථකව සිදුකිරීම සඳහා ගතහැකි පියවර කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
රිය අනතුරක් හේතුවෙන් කිසියම් පුද්ගලයෙකු මියගියහොත් එම පුද්ගලයාගේ වකුගඩු ඇතුළු ශරීරාංග කොටස් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය කැමැත්තෙන් ලබාදෙන බවට වූ වගන්තියක් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
විදේශ රටවල මෙම වැඩපිළිවෙළ සාර්ථකව සිදුවන අතර, මෙම වැඩපිළිවෙළ ලංකාවේ ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳ ක්‍රමවත් වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
අවයව බද්ධ කිරීමේ ක්‍රියාවලිය දැනට දිවයිනේ රෝහල් කිහිපයක සාර්ථකව සිදුකරන අතර, ඒ සඳහා එක් රෝහලකට එක් නිලධාරියෙකු ලෙස නම් කර තබා එම නිලධාරියාගේ අධීක්ෂණය යටතේ අවයව බද්ධ කිරීමේ ක්‍රියාවලිය සිදුකිරිමට නියමිතය.
මේ වනවිට ඒ සඳහා වෛද්‍ය නිලධාරීන් 19 දෙනෙකු පත්කර තිබේ. වකුගඩු හා අක්මා බද්ධ කිරීම පිළිබඳ මාර්ගෝපදේශ මේ වනවිට සකස් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.