රිය අනතුර ගොඩින් බේරගන්න හඳලා
බෙල්ලන්විල ප්රදේශයේදී රිය අනතුරක් කර පළායමින් සිටි සැකකරුවෙක් එම අනතුර මුදල් දි සමතයට පත්කර ගැනීමට උත්සාහ කිරීමේ සිදුවීමක් වාර්තාවෙයි.
මීට දින තුනකට පමණ ඉහතදී ගුවන් හමුදාවේ සේවයේ නියතු සෙබෙලෙක් යතුරු පැදියකින් ගමන්ගන්නා විට පසුපසින් පැමණි ලෑන්ඩ් කෘෂර් වර්ගයේ මෝටර් රථයක් ඔහු අනතුරකට ලක්කොට පළායාමට උත්සාහ කර තිබේ.
කෙසේ වෙතත් අසළ සිටි පිරිස් මැදිහත්වී අදාළ ලෑන්ඩ් කෘසර් රථය නවත්වා තුවාලකරු එම මෝටර් රියේම නංවා කලුබෝවිල රෝහලට ඇතුලත් කොට පිටත්ව ගොස් තිබේ.
පසුව පැමිණි දිවයිනේ ප්රසිද්ධ බස් සංගමයක සභාපතිවරයෙක් අදාළ සිදුවීම සමතයකට පත්කර ගැනිම සඳහා කටයුතු කොට තිබේ.
කෙසේ වෙතත් මෙම ගුවන් හමුදා සෙබලාගේ බිරිඳ එයට එරෙහිවී තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණත් පසුව ඇප මත නිදහස් වී තිබේ.
ගුවන් හමුදා සෙබලාට යුක්තිය ඉටුකර දෙන මෙන් පවුලේ ඥාතීහු අදාළ බලධාරින්ගේන් ඉල්ලා සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

