කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා ඉවත් කිරීමෙන් පසු එම අධ්‍යක්ෂකවරයා නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් රෝහල් කාර්ය මණ්ඩලය දෙවන දිනටත් දැවැන්ත උද්ඝෝෂණයක් අද (01දා) ආරම්භ කර ඇත.
රෝහල් කාර්ය මණ්ඩලය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ වෙනත් අධ්‍යක්ෂකවරයෙකු තම රෝහලට අනවශ්‍ය බවත් හිටපු අධ්‍යක්ෂකවරයාව නැවත පත්කරන ලෙසත්ය. අධ්‍යක්ෂකවරයා නැවත ලබාදෙන තුරු අඛණ්ඩව උද්ඝෝෂණයේ නිරත වන බව ඔවුහු ප්‍රකාශ කර සිටිති.
විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා මීට වසර තුනක පමණ කාලයක සිට රිජ්වේ රෝහලේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලදී.