වාරිමාර්ග දෙපාර්තමේන්තු රැස්වීම් ශාලාවේ වායු සමීකරණ යන්ත්‍ර හා විදුලි බුබුළු ක්‍රියාවිරහිත කර, විදුලිය ඉතිරි කරන්නැයි පවසමින් වාරිමාර්ග අමාත්‍යවරයා වාරි ක්ෂේත්රයේ ප්‍රගති සමාලෝචනය අරඹා තිබේ.
බලශක්ති අර්බුදයක් පවතින මෙවන් වකවානුවක ආයතන රැස්වීම් තුළ ඇති සියලු වායු සමීකරණ යන්ත්‍ර හා විදුලි බුබුළු ක්‍රියාවිරහිත කර ජනේල විවෘත කර එයින් ලැබෙන ස්වාභාවික ආලෝකය බුක්ති විඳිය යුතු බවත්, එයින් බලශක්තිය විශාල වශයෙන් ඉතිරිවනු ඇති බවත් පවසමින් අමාත්‍යවරයා, එහි තිබූ AC යන්ත්‍ර ක්‍රියාවිරහිත කරන්නැයි සේවකයන්ට පවසමින් ස්වාභාවික ආලෝකය යටතේ රැස්වීම අරඹා ඇති බව වාර්තා වෙයි.
වාරි ක්ෂේත්රයේ ඉදිරි ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා වාරිමාර්ග අමාත්‍ය විජිත් විජියමුණි සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවති රැස්වීමකදී ඔහු මෙසේ සිදුකර තිබේ.