තමන්ට සුදුසු රැකියාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් වයඹ පළාත් රැකියා විරහිත උපාධිධාරින් කුරුණෑගලදී අද (04දා) පෙරවරුවේදී උපවාසයක් ආරම්භ කරනු ලැබීය. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර ඇති මෙම විරෝධතාව සඳහා 1000කට ආසන්න පිරිසක් එක්ව සිටියි.