රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරී වෛද්‍යවරුන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා සිදුකරන සත්යග්රහ ක්‍රියාමාර්ගයට නිසි ප්‍රතිචාර නොමැති නිසා මුදල් අමාත්‍යාංශයට ගොස් ගැටලුවට විසඳුම් සොයා ගැනීමට කටයුතු කරන බව රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
රැකියා ලබාදෙන ලෙස ඉල්ලා බොරැල්ල ආයුර්වේද වටරවුම අසල ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (24දා) දින 11 ක් ගත වී තිබෙන බව අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමයේ උපලේකම් මලිත් රත්නවීර මහතා පවසා සිටියේය.
එහෙත් මෙතෙක් බලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින් මෙම මස 26 වැනි දින රාජගිරිය ආයුර්වේද වටරවුමේ සිට මුදල් අමාත්‍යාංශය දක්වා විරෝධතා පාගමනක් පවත්වන බවද පවසා සිටියේය.
පාගමනින් ගොස් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.