ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව 2003 වසරේදී පෞද්ගලීකරණය කිරීම හරහා රැකියා අහිමිවූ සේවකයන් පිරිසක් තමන්ට නැවතත් රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.
2003 වසරේදී රක්ෂණ ආයතනය පෞද්ගලීකරණය කළත් එය නැවතත් 2009 වසරේදී රජයට පවරාගැනීම හේතුවෙන් නැවතත් තමන්ට රැකියා ලබාදෙන්නැයි ඔවුහු පවසති. මෙම රැකියා අපේක්ෂිත පිරිස 130ක් පමණ වන අතර පසුගිය 19දා ඔවුහු මෙම උපවාසය ආරම්භ කරනු ලැබීය.
තමන්ට විසඳුමක් නොලැබෙන්නේ නම් එය මාරාන්තික උපවාසයක් දක්වා රැගෙන යාමට කටයුතු කරන බවත් උපවාසකරුවෝ පවසති.