ආගමික පොලීසියට විරෝධය පළ කරමින් එය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් රාවණා බලය සංවිධානය අද (28දා) බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය තුළදී උපවාසයකට සූදානමින් පැමිණියේය.
ඉදිරි සති දෙක තුළදී පොලිස්පතිවරයා හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මත උන්වහන්සේලා අමාත්‍යාංශයෙන් පිටව ගියහ.