පොදු මහජනතාවගේ තාරකා විද්‍යා දැනුම වර්ධනය කිරීම උදෙසා රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය කටයුතු සලසා ඇති අතර, සෑම මසකම අවසන් සිකුරාදා දිනයන්හි පැවැත්වෙන මෙම කඳවුරෙහි පළමු වැනි කඳවුර අගෝස්තු 26දා ආරම්භ වීමට නියමිතය.
මෙම රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර භූමියෙහි ප.ව. 7.00 සිට ප.ව. 10.00 දක්වා මහජනතාව වෙනුවෙන් නොමිලයේ පවත්වනු ලැබේ.
කෙසේ වෙතත්, කාලගුණ තත්වය අයහපත් වුවහොත් එදින වැඩසටහන අවලංගු විය හැකි බව කරුණාවෙන් සලකන ලෙසද ග්‍රහලෝකාගාරය පවසා සිටියි.
මෙම වැඩසටහන් පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට 0112 586 499 හෝ 0772 723 283 යන දුරකථන හා සම්බන්ධ වීමෙන් ලබාගත හැකිය.