රාජිත සේනාරත්න මහතා කැබිනට් ප්රකාශක තනතුරෙන් තාවකාලිකව ඉවත් කරන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂයෙන් අද (08දා) ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එම මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කලහකාරී, ජාතිවාදී ගැටුම් ඇතිවන ආකාරයට රාජිත සේනාරත්න මහතා අදහස් පළකරන බවයි.
සභාවේ සිටි කැබිනට් සමප්රකාශක ගයන්ත කරුණාතිලක මහතාගෙන් රෝහිත අබේගුණවර්ධන මහතා ඉහත ඉල්ලීම් කළේය.