ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 50 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අයවැය විවාදයට ප්‍රථම පැවැත්වීමට විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
අද(17දා) පාර්ලිමේන්තුවේදී ඒ මහතා කථානායකවරයාගෙන් මෙම ඉල්ලීම සිදු කළේය.
මේසම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී කථානායක කරු ජයසූරිය මහතා පැවසුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි. එසේ වුවද සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ වෙනුවෙන් දිනයක් ලබානොදුන් බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.