ඇවන්ට්ගාඩ් පිළිබඳ සිදුවීම යට ගසන්නැයි කියමින් පිරිසක් තමන්ට මාසිකව රුපියල් මිලියන 20ක අල්ලසක් ලබාදීමට ඉදිරිපත්වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.
එසේ අල්ලස් ලබාදීමට තැත්කළ අයගේ මාසික ආදායම පමණක් රුපියල් මිලියන 450ක් පමණ වන බව ද ඒ මහතා පැවසීය
තමන්ගේ මිතුරෙකු මාර්ගයෙන් තමාට මෙසේ අල්ලස් ලබාදීමට තැත්කළ බවත්, මිතුරා නිසා එය හෙළි නොකළ බවත්, එහි හඬ පටය ද සියලු විස්තරද තමාසතු බවත්, අමාත්‍යවරයා අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.