ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතා කියයි.
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ඊයේ (25දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කරමින් අමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය ඇති බව පෙන්වන බවත් ඔහු පැවැසීය.
එසේම ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනා ගෙන ඒම විලසිතාවක් බවට පත්ව ඇති බවත් ඔහු පැවැසීය.