ඒකාබද්ධ විපක්ෂය විසින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව කතානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී ඇත. ඒ සදහා ඒකාබසද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 39ක් අත්සන් තබා ඇත.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු ජනපති, කරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා එයට අත්සන් කොට නොමැත.
ඩලස් අලහප්පෙරුම, කනක හේරත්, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ, කාංචන විජේසේකර, ජයන්ත සමරවීර, තාරක බාලසූරිය, වීරකුමාර දිසානායක, ගීතා කුමාරසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 39ක් මෙසේ ඒ සඳහා අත්සන් තබා ඇත.