සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ තත්ත්වය බරපතළ නොවන බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කරයි.
අද (21දා) දිනයේදීද අමාත්‍යවරයාගේ පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමට තිබෙන බව ඔහු පවසා සිටියේය.
රුධිරය ගමන් ගන්නා නාළයක ඇතිවූ අවහිරතාවක් සැලකිල්ලට ගනිමින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා අමාත්‍යවරයා ඊයේ (20දා) සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් කෙරිණි.
පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති නිසා අමාත්‍යවරයා ඉන්දියාවේදී හෙට (22දා) පැවැත්වෙන සමුළුවට සහභාගී වීම අවලංගු කර දමා තිබෙන බවද වාර්තා වේ.