ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයෙන් සියලු දෙනාට ආරාධනයක්
රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ දමා දීමනා වැටුපට එකතු කරන ලෙස සහ පෞද්ගලික අංශ සේවකයාගේ වැටුප ඉහළ දැමීමට නීති සකස් කර පාර්ලිමේන්තු පනතක් සම්මත කරන ලෙස ඉල්ලා අද (20දා) සිට සටනක් ආරම්භ කළ බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
රාජ්‍ය සේවකයාගේ වැටුප ඉහළ දැමීම 2006 වසරින් පසුව සිදුකර නොමැති බවත්, සිදුකළ අරගලවලින් රුපියල් දස දහස ඉක්මවූ දීමනා ප්‍රමාණයක් දිනාගැනීමට හැකිවූ බවත් එම සංගමයේ සභාපති පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේය.