රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (01දා) පස්වරුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී.
වසර 3ක කාලසීමාවක් සඳහා බලපැවැත්වෙන මෙම කොමිසමේ සභාපතීත්වය දරන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ සත්‍යා හෙට්ටිගේ මහතාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වැනි වගන්තිය යටතේ රජ්‍ය සේවයේ පත්වීම්, උසස්වීම්, මාරුවීම් සහ විනය පාලන කටයුතු සඳහා බලතල මෙම කොමිෂන් සභාවට පැවරේ.
එස්.සී.මානප්පෙරුම, ආනන්ද සෙනෙවිරත්න, එන්.එච්. පතිරන, එස්. තිල්ව නඩරාජා, එස්.ඒ. මොහොමඩ් නහියා, කාන්ති විජේතුංග, සුනිල් එස්. සිරිසේන, විශේෂඥ වෛද්‍ය අයි.එන්. සොයිසා ගුණසේකර යන මහත්ම මහත්මීහු මෙහි සෙසු සාමාජිකයෝ වෙති.