සූතිකාගාර ගැටලුවට විසඳුම් ලබාදීමට ජූලි 1 වැනිදා දක්වා කල් ලබාදෙන බවත්, ඒ වනවිටත් විසඳුමක් ලබා නොදුනහෙත් එදින සිට ස්වයං පාලනයක් ගෙනයන බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අද (25දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූහ.
උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ අමාත්‍යවරයා ගැටලුවලට පැලැස්තර අලවනවා විනා විසඳුම් නොදෙන බවත්, තිබෙන අමාත්‍යාංශයේ කටයුතු පවා සිදුකරගත නොහැකි හෙතෙම ඉහළ තනතුරු අපේක්ෂා කොට ඒවා ලදහොත් රටට කෙබඳු තත්ත්වයක් උදාවේදැයි සිතා ගත නොහැකිබවත්ය.