රජයේ ප්‍රධාන වැවිලි සමාගම් 3ක් වන ජනතා වතු සංවර්ධන මණ්ඩලය,ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම විසින් රුපියල් මිලියන 1,702ක අර්ථ සාධක හිඟ මුදලක් ගෙවීමට තිබෙන බව කම්කරු, වෘතිත්තීය සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනතා වතු සංවර්ධන මණ්ඩලය රුපියල් මිලියන 847ක්,රාජ්‍ය වැවිලි සංස්ථාව මිලියන 636ක් ඇල්කඩුව වැවිලි සමාගම මිලියන 218ක් ක් වශයෙන් සේවකයන්ගේ අර්ථ සාධක හිඟ මුදල් ගෙවීමට තිබේ.මෙම අර්ථ සාධක අරමුදල් නොගෙවීම සම්බන්ධව නඩු 1,605ක් කම්කරු දෙපාර්තමේන්තුව විසින් මෙම වැවිලි සමාගම් වලට පවරා ඇත.
හැකි ඉක්මනින් මෙම අර්ථ සාධක හිඟ මුදල් ගෙවා දමන ලෙස වැවිලි සමාගම් වලටත්, විෂයභාර අමාත්‍යංශ නිලධාරීන්ට දන්වා සිටි අමාත්‍යවරයා එසේ නොහැකි නම් භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගෙන හෝ මෙම සේවක අර්ථ සාධක හිඟ මුදල් ගෙවිමට කටයුතු කරන ලෙසත් දැන්වීය.
එසේ නොමැති වුවහොත් දවසින් දවස මෙම මුදලට එකතුවන අධිභාරය වැවිලි සමාගම් වලට තවත් අධික බරක් වන බව අවධාරණය කල අමාත්‍යවරයා දැනටමත් මිලියන 550ක පමණ අධිභාරයක් මෙම රුපියල් මිලියන 1,702 තුළ ඇති බවත් පැවසීය.