මැතිවරණ ප්රචාරක කටයුතුවලට රාජ්‍ය ආයතන දේපළ කිරීම තහනම් වුවත්, රාජ්‍ය ආයතන දෙකක වාහන 06 ක් ඌව පළාත් සභා මැතිවරණ කටයුතුවල යොදවා ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාලය සඳහන් කරයි.
මේ අනුව කොළොන්නාව තෙල් සංස්ථාවට අයත් WP PB-3342 දරන කැබ් රථය සේවකයන් 05 දෙනෙකු සමග මැතිවරණ ප්රචාරක කටයුතුවල යොදවා තිබෙන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය උදිත ගුණසේකර මහතා පැවසීය.
මීට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් WP PD-9713, WP ND-1527 යන කැබ් රථ සහ 301-6229 මෝටර් රථය, 58-3180 ජීප් රථය මැතිවරණ ප්රචාරක කටයුතුවල යොදවා තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.