රාජ්‍ය පෙරළියකින් පසු අපරාධ විමර්ශන නිලධාරීන්ට බලපෑම් එල්ල වෙනවා
රාජ්‍ය පෙරළියක් සිදුවු පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විභාග කිරීමේදී විවිධ ප්‍රබල අංශවලින් බලපෑම් එල්ලවීම හේතුවෙන් අපරාධ විමර්ශන නිලධාරීන්ගේ සේවයට අභියෝග හා දුෂ්කරතා පැමිණෙන බව ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.
අපරාධ විමර්ශන තොරතුරු හුවමාරුකර ගැනීමේ දකුණු ආසියානු කලාපීය ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරින්ගේ පූර්ව සාකච්ඡාව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23දා) කොළඹ දී පැවැති අවස්ථාවේදී ජනපති ලේකම්වරයා මෙම අදහස් දැක්වීය.
අපරාධ විමර්ශන නිලධාරින්ගේ සේවය සමාජයේ අත්‍යාවශ්‍යම සේවාවක් වන අතර, එය සාධාරණත්වය උදෙසා මෙන්ම අපරාධ, අල්ලස් හා දුෂණ මැඩලීම සඳහා අතිශයින්ම වැදගත් සේවාවක් බවද ඔහු සඳහන් කළේය.
දකුණු ආසියානු රටවල් හරහා සිදුවන සංවිධානාත්මක අපරාධ හා හොර ජාවාරම් මැඩලීම සඳහා රහස්‍ය තොරතුරු හුවමාරුව පහසුකිරීමට කලාපීය මධ්‍යස්ථානයක් පිහිටුවා ගැනීමේ ක්‍රමවේදයක් සකස්කර ගැනීමට මෙහිදි සකචඡා පවත්වා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


