රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතාට සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න මහතාට ඊයේ (28දා) දිනයේදී ඉල්ලා අස්වෙන්නැයි රජයෙන් බලපෑම් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
රාජ්‍ය නිලධාරීන් දඩයම් කිරීම අරඹා තිබෙන බවත්, රජයේ දූෂිත කටයුතුවලට සහාය නොදෙන රාජ්‍ය නිලධාරීන්ට නිදහසේ සේවය කිරීමට ඉඩ ලබානොදෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.