රාජ්‍ය නොවන සංවිධාන ගැනත් තොරතුරු දැන ගැනීමට හැකිවිය යුතුයි
නිදහස, මානව අයිතිවාසිකම් යන සියල්ල පෝෂණය කරන සහ සුරක්ෂිත කරන රටක් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය රටේ සියලු අංශවල විවෘත විය යුතු බවත්, තොරතුරු දැනගැනීමේ අයිතිය සමාජයේ මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කිරීම පිළිබඳ දීර්ඝ කාලයක් පුරා සංවාදයට ලක්වුවද පසුගිය රජයන්ගෙන් මගහැරී ගිය එම කටයුත්ත ඉටුකිරීමට වත්මන් රජයට හැකිවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව ‘ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ පනත හා මාධ්‍ය ප්‍රතිසංස්කරණ‘ යන මැයෙන් කොළඹ ජැයික් හිල්ටන් හෝටලයේදී අද (28දා) පැවැති ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.
නිදහස් මාධ්‍යයට ඉඩදීමට රජය, දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන් වගකීමෙන් බැඳී සිටින අතරම නිදහස් මාධ්‍ය සුරක්ෂිත කරමින්, සිය වගකීම් හා යුතුකම් අවංකව ගෞරවයෙන් ඉටුකිරීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන ඇතුළු මාධ්‍ය ක්ෂේත්රයේ සියලු දෙනා වගකීමෙන් බැඳී සිටින බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා මෙහිදී පැවසීය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                    

















 
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                