රාජ්‍ය ගිණුම් කාරක සභාවේ තොරතුරු මහජනයාට හා මාධ්‍යයට විවෘත කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදුකරන බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
මේ වන විට මේ වසරට අදාළව රාජ්‍ය ආයතනවල ගිණුම්වලින් 80%ක් පමණ පාර්ලිමේන්තුවට ලැබී තිබෙන බවත් එය හොඳ ප්‍රවණතාවක් බවත් කතානායකවරයා පැවැසීය.
රාජ්‍ය ගිණුම් කාරක සභාවට රාජ්‍ය ආයතන 1000ක් පමණ ආවරණය වන බවත් කාතානායකවරය කීවේය. පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක පැවැති රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්වීමට එක්වෙමින් කතානායකවරයා අද (08දා) මෙම අදහස් දැක්වීය.