වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බටංගල මණ්ඩපය හෙට (14දා) විවෘත කිරීමට නියමිතය. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම උත්සවයට එම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ මහතාට ආරාධනා කර ඇතත් තමාට කතාවක් ලබා දී නොමැති බව අමාත්‍යාවරයා පවසයි.
එසේම එම උත්සවයේදී ප්‍රධාන කතිකයන් දෙදෙනෙකුට අවස්ථාව ලබාදී ඇති බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා ඒ දෙදෙනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නන් බවද පැවැසීය. අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට හා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට උත්සවයේදී කතා කිරීමේ අවස්ථාව ලබාදී ඇත.
එසේම කෑගල්ලේ පැවැත්වෙන උත්සවයක් වුවත් එම උත්සවයට කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ කබීර් හෂීම්, චම්පික ප්‍රේමදාස, සුජිත් සංජය පෙරේරා, සංදීප් සමරසිංහ යන මහත්වරුන්ට ආරාධනා කර නොමැති බවද රංගෙබණ්ඩාර මහතා ලිපියකින් පවසයි.
එම ලිපිය මාධ්‍යයට නිකුත් කර ඇති අතර අග්‍රාමාත්‍යවරයාට, අග්‍රාමාත්‍ය ලේකම්වරයාට හා ජනපති ලේකම්වරයාට එහි පිටපත් යොමුකර ඇත.
ඔහු