රාජ්‍ය ඇමති රංගේට එරෙහි නඩුව ලබන 16දා
සුඛෝපභෝගී ජීප් රථයක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 54ක මුදලක් ලබාගෙන වංචා කළ බවට චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා රෝගී තත්ත්වයෙන් පසුවීම හේතුවෙන්, එම නඩුව ලබන මස 16 වැනිදා යළි කැඳවීමටත්, එදින අධිකරණයේ පෙනී සිටින ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු එන්. වී. කරුණාතිලක මහතා නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී රංගේ බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසු වීම හේතුවෙන් ඔහුට උසාවියට පැමිණීමට නොහැකි වූ බව දැනුම් දෙමින් වෛද්‍ය වාර්තාවක්ද උසාවියට ඉදිරිපත් කළේය.
2012 මාර්තු මස 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී සුඛෝපභෝගී රථයක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 54 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි සුඛෝපභෝගී රථය ලබා නොදී වංචා කරන ලදැයි රංගේ බණ්ඩාර මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

