රාජ්ය ආයතන මඟින් දිවයින පුරා ස්ථිර නීති විරෝධි මැතිවරණ පුවරු 4500 ක් පමණ සවි කර ඇති බව කැෆේ සංවිධානය කියයි. එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කලේ මේ අතරින් බොහෝ පුවරු එම රාජ්ය ආයතන විසින් මේ වනවිටත් නඩත්තු කරමින් පවතින බවයි.
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ රුව රැගත් පුවරු මෙලෙස ප්රදර්ශනය වෙමින් පවතින බව තෙන්නකෝන් මහතා කියයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ජලසම්පාදන හා ජලප්රවාහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ දිවයිනේ සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්රාදේශීය සභා විසින් සවි කොට ඇති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ රුව සහිත ස්ථිර හා තාවකාලික පුවරු මැතිවරණ නීතියට පටහැනි වේ.