බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම පලිගැනීමක් බවත්, රාපක්ෂලා හොරු නොවන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. රක්ෂති බන්ධනාගාර ගතව, කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටු සංකීරණයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීම සඳහා අද (24දා) පැමිණි අවස්ථාවේදී හිටපු ජනපතිවරයා මෙම අදහස් දැක්වීය.
"මේක පළිගැනීමක්නේ. කිසිම හේතුවක් නෑනේ. මම ඊයේත් කිවුවා දේශපාලඥයෙකු ගන්න එක (අත්අඩංගුවට) ප්‍රශ්නයක් නෙමෙයි. මේ තින්දුව අරන් තියෙන්නේ කැබිනට් මණ්ඩලයෙන්. ගනුදෙනුව කරලා තියෙන්නේ පුද්ලගික වුවමනාවකට නෙමෙයිනේ. රටේ ජනතාවගේ අවශ්‍යතාවයට. ගොඨාභය රාජපක්ෂ, බැසිල් රාපක්ෂ, මහින්ද රාජපක්ෂ, ඊළගට නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ ඉදිරියේ එක එක චෝදනා ඉදිරිපත් කරයි. චෝදනා ඉදිරිපත් කළාට අධිකරණයක් හමුවට ගේන්න ඕන. අධිකරණයේදී අපි ඒක බලාගන්නම්. මේ රාජපක්ෂලා හොරු නම් නෙමෙයි."