රාජපක්ෂ හොල්මන කුරුණෑගලින එළවනවා
දේශපාලනය තමාගේ ඇඟේ තිබුණු දෙයක් නොවන බවත් එ.ජා.පයේ අරාධනය මත තමා දේශපාලනයට පැමිණි බවත් අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (27දා) හෙට්ටිපොළ නගරයේ පැවැති එ.ජා.ප ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි.
"එ.ජා.ප පාක්ෂිකයන් තමයි මාව මල්මාලා දාලා 2010 වර්ෂයේ දේශපාලනයට ගෙනාවේ. එදා මට ජ.වි.පෙ,මුස්ලිම් කොංග්‍රසය,දෙමළ සන්ධානය වැනි පක්ෂත් සහාය දුන්නා.
යුද්ධයෙන් පස්සේ එ.ජා.ප.ය ඉතා අසරණ තත්ත්වයකට පත්වෙලා හිටියේ.ඒ වෙලාවේ කිසිම කෙනෙක් ඉදිරියට එන්න ලෑස්ති වෙලා හිටියෙ නෑ.රාජපක්ෂලාගේ දාමරික,මැර සංස්කෘතියට බයවෙලා කවුරුත් ඉදිරියට නොයෙන අවස්ථාවක තමා මම එ.ජා.ප.යට එකතුවෙලා දේශපාලනයට ආවේ.
ඉදිරියේදී රාජපක්ෂ කියන හොල්මන කුරුණෑගලින් අපි එලවලා දානවා. නැවතත් මේ පැත්තේ ගැවසෙන්න අපි ඉඩ තියන්නේ නෑ.දැනටමත් එෆ්.සී.අයි.ඩී එකට යනවා.ජනාධිපති කොමිසමට යනවා.තාත්තා එද්දී, පුතා යනවා.තාත්තා යද්දී ආච්චි අම්මා එනවා" යැයි පැවසීය.
වඩුමුන්නේගෙදර - ටී.පී.අධිකාරී
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

