මහනුවර සිට කොළඹට පා ගමනින් පැමිණ ඉල්ලා සිටින්නේ රාජපක්ෂ පාලනයක් නම් ඒ සියලුදෙනා යළිත් උත්සාහ කරන්නේ වංචාව, දූෂණය, මැරකම යළි උදාකර ගැනීමක් බව රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
පා ගමන් ගොස් එක්සත් ජාතික පක්ෂයට හෝ ආණ්ඩුවට කිසිවක් කළ නොහැකි බවත්, වර්තමාන ආණ්ඩුව ශක්තිමත් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටින බවද අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
වර්තමාන ආණ්ඩුව වංචා, දූෂණය, මැරකම නැති කර රටට යහපාලනය උදාකර අධිකරණය ස්වාධීන කර තිබෙන බවද පවසා සිටියේය.