මෙරටට පැමිණ සිටින පාකිස්තාන යුද හමුදාපති ජෙනරාල් රහීල් ශරීෆ් මහතා අද (08දා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවිය. දෙරට අතර ජාතික සහ කලාපීය ආරක්ෂක කටයුතුවලදී පවත්වාගෙන යන සහයෝගීතාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය. ජනාධිපති සහ පාකිස්තාන යුද හමුදා මාණ්ඩලික ප්රධානී අතර සිහිවටන තිළිණයක් හුවමාරු කරගැනිණි.