උසස්පෙළ විභාගයට අදාළව ඊයේ (19දා) පැවැති රසායන විද්‍යාව II ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් හා සමාන ප්‍රශ්න තුනක් ගම්පහ ප්‍රදේශයේ පාසලක් අසල බෙදූ අත්පත්‍රිකාවක තිබූ බව සිසුහු පවසති.
විභාගය අවසන් වී ශාලාවෙන් එළියට පැමිණි සිසුවියන් පිරිසකට මෙම අත්පත්‍රිකාව බෙදා තිබේ.
අනුමාන ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 3ක් මෙවර විභාගයට පැමිණ ඇති බවත්, ලබන වසරේ සිට ගම්පහ ප්‍රදේශයේ පන්ති ආරම්භ කරන බවත් එම පත්‍රිකාවේ සඳහන් වන බවට පැවසේ.
එම සිදුවීම පිළිබඳව ගම්පහ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන්ද ඉල්ලා තිබේ.