රස්තියාදුකාර විරෝධතාවලට යටත් නොවන බවත් බුරන බල්ලන්ට කැට කැබිලිති විසිකරන්න තමාට වෙලාවක් නොමැති බවද ඇමති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශකළේය. සතපහක්වත් ආදායම් එන්නැති ව්‍යාපෘති, නැව් එන්නැති වරායවල්, ගුවන්යානා එන්නැති ගුවන්තොටුපලවල්, තල,මුං වේලන්න අධිවේගී මාර්ග මේ ආණ්ඩුව හදන්නේ නැහැ යැයිද
අමාත්‍යවරයා ප්‍රකාශකළේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ අධික්ෂණය යටතේ ඉදිකළ මොරගහහේන බස්නැවතුම්පළ ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක් වෙමිනි.
රුපියල් මිලියන 53 ක වියදමින් ඉදිකළ එම බස්නැවතුම්පලෙහි ඉදිකිරීම් කටුයතු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදුකරන ලදි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අපේ මේ හොරණ ප්‍රදේශය අපිත් හැදී වැඩුනු ප්‍රදේශය. අපි දන්න කියන කාලේ ඉඳන් සංවර්ධන කි‍්‍රයාදාමයකට යොමු උනේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව කොළඹට තිබිච්ච ආසන්න කම නිසා. සියළු දෙනාම වගේ නුගේගොඩට, මහරගමට ගියා මිසක් හොරණ හදාගන්න අපි බැලුවේ නැහැ. ඉතින් ඒ නිසා අපි දැන් හොරණ හදාගන්න ඕනේ. හොරණට හොඳ පාසල් පද්ධතියක් තියෙනවා. හොරණට හොඳ රෝහලක් තියෙනවා. ඒ වගේම හොරණ හොඳ නාගරික මධ්‍යස්ථානයක් බවට ගොඩනගා ගත යුතුයි. යැයිද පැවසීය.
මේඅතර මොරගහහේන නව බස්නැවතුම්පොළ විවෘත කිරීම ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබියදී ඊට ප්‍රථම එහි ගිය මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පීත්ත පටියක් කපා එය විවෘත කිරීමට කටයුතු කළේය. විශාල පිරිසක් මාර්ගය හරස් කරමින් එහි සිටීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත්තේය.
චාමර සම්පත් / බිමල් ශාමන්