රසකැවිලිවල සීනි ප්‍රමාණය පාලනය කිරීම සඳහා අවශ්‍ය නීති කඩිනමින් ගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ සෞඛ්‍ය කඳවුරක් මල්වාන අල්-මුබාරක් මහා විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.
බිස්කට් නිෂ්පාදකයන් සහ රසකැවිලි නිෂ්පාදකයන් හමුවෙමින් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කළ බවකී ඇමතිවරයාඒ අනුව දියවැඩියාව පාලනය හා වෙනත් බෝනොවන රෝග පාලනය සඳහා ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද සඳහන් කර සිටියේය.
මේ හේතුවෙන් ඉදිරියේදී සීනි, මේදය, ලුණු අඩංගු ආහාරවලට පනවා ඇති බදු ඉහළ දැමීමටද යෝජනා කර ඇතැයිද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.