රවීගේ තවත් අයවැය යෝජනාවකට රාජිතගේ විරෝධය
අයවැය යෝජනා මගින් දුම්කොළ සමාගමෙන් දුම්පානයට එරෙහි ප්රචාරක වැඩපිළිවෙළක් සඳහා රුපියල් මිලියන 500ක මුදලක් ජනාධිපති අරමුදලට ප්‍රදානයක් ලබාගැනීමට කළ යෝජනාව සාදාචාර විරෝධී බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය 2003 වසරේ අත්සන් කළ FCTC ප්රඥප්තියට අනුව දුම්කොළ සමාගමක් සමග සෞඛ්‍ය ක්ෂේත්රයේ කටයුතු සඳහා ගනුදෙනු කිරීම සහ දුම්කොළ සමාගමක් ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය ක්ෂේත්රයට ලබාගැනීම උචිත නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එම නිසා දුම්කොළ සමාගමෙන් රුපියල් මිලියන 500ක ප්‍රදානයක් ලබාගැනීම ප්රඥප්තියේ වගන්තිවලට එකඟ නොවන බවත්, එය ගැටලුවක් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
දුම්පානය අවම කිරීම සඳහා ඉදිරියේදී සුදු පැහැති සිගරට් පැකට්ටුවක් හඳුන්වාදීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරි සති 02 තුළ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සුදානමින් සිටියි.
දුම්වැටියක මිල වැඩිකිරීම තුළින් දුම්පානය කරන්නන්ගේ ප්‍රමාණය සියයට 04 සිට 05 දක්වා අවම වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

