අය වැය යෝජනාවලියේ දී අධ්‍යාපනය සඳහා වෙන්කරනු ලැබූ වියදම පිළිබඳව වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර පාර්ලිමේන්තුවත් ජනතාවත් නොමග යැවී යැයි චෝදනා කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
මෙම විශ්වාසභංග යෝජනාව අය වැය තෙවැනිවර කියවීමට නියමිත දෙසැම්බර් 18 දාට පෙර පාර්ලිමේන්තුවට ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අදට ප්‍රකාශ කළේය.
විශ්වාසභංගය කෙටුම්පත් කිරීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා වෙත පැවරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඊයේ (24දා) තීරණය කළ බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
මේ අතර, පාර්ලිමේන්තුවත්, ජනතාවත්, ජනාධිපතිවරයාත් රවටමින් මෙවර අයවැය යෝජනාවලිය ඉදිරිපත් කර තිබෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (24දා) සවස සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.