සයිටම් ආයතනය අහෝසි කරන්නැයි ඉල්ලමින් පැවැති උද්ඝෝෂණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදී එහි දේපොළවලට රුපියල් ලක්ෂ 09කට අධික අලාභයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ්භාරයට පත් කොට සිටින වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති ප්රතිශෝධන අයදුම් පත ලබන 19 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (09දා) නියම කළේය.
මෙහි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයාට වෙනත් නඩුවකට පෙනී සිටීමට සිදුවී තිබීම සැලකිල්ලට ගත් විනිසුරුවරයා මෙම ප්රතිශෝධන අයැදුම් පත ලබන 19 වැනිදා සලකා බැලීමට නියම කළේය.
සයිටම් ආයතනය අහෝසි කරන්නැයි ඉල්ලමින් පැවැති උද්ඝෝෂණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැදී එහි දේපොළවලට රුපියල් ලක්ෂ 09කට අධික අලාභයක් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ්භාරයට පත් කොට සිටින තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් විසින් මෙම ප්රතිශෝධන අයැදුම් පත ඉදිරිපත් කොට ඇත.
එහි වගඋත්තරකරුවන් වශයෙන් මරදාන පොලීසියේ ස්ථානාධිපතිවරයා, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම් කොට ඇත.
වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඔහු රිමාන්ඩ්භාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ලබා දී ඇති නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ විනිසුරුවරයා, මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කොට සිටින මරදාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසද නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ්භාරයට පත් කොට සිටින වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම ප්රතිශෝධන අයැදුම් පත ලබන මස 19 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.